සෝනි ෆෝන්ස් වලට ජෙලි බීන්ස් ලැබෙන්නේ මෙහෙමයි

[Image: android-jelly-bean-for-xperia-handsets_1350645756.jpg]

සෝනි සමාගම විසින් සෝනි ජංගම දුරකථන සදහා අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් 4.1 එනම් ජෙලි බීන්ස් සංස්කරනය ලබා දෙන පිලිවෙල දැන් ඉදිරිපත් කරලා තියනවා

සෝනි සමාගමෙන් අලුතින්ම එළිදක්වපු Xperia T, TX, Vකියන ෆෝන් වලට ලබන අවුරුද්දේ පළමු කාර්තුවේ තමා ජෙලිබීන්ස් හම්බෙන්නේ

Xperia S, Xperia acro S, Xperia ion, Xperia P, Xperia go and Xperia J කියන ෆෝන්ස් වලට තාම අප්ඩේට් එක දෙන දවස කියලා නම් නෑ
පොඩි අප්සට් දේකටනම් තියෙන්නේ 2011 ආපු ෆෝන් එකකටවත් ජෙලිබීන්ස් දෙන්නේ නෑ කියලා තියන එකයි

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් රූට් කිරීමේ වාසි සහ අවාසි

මොකද්ද මේ රූට් කරනවා කියන්නේ ?

අලුතෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ගත්ත ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි "මම ෆෝන් එක රූට් කරන්නද එපාද" කියන එක. 

ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල මෙහෙයුම් පද්ධතියේ භාවිත කරන්නාට යම් කිසි සීමාවක් ඇතුව භාවිත කරන්න තමයි මූලික සැකසුම් තියෙන්නේ. ඒ කියන්නේ අපිට සිස්ටම් එක සම්බන්ධ ගොඩක් දේවල් කරන්න බෑ. රූට් කිරීමෙන් වෙන්නේ මේ තියන සීමා මායිම් ඔක්කොම නැති වෙන එකයි. ඒ කියන්නේ අපිට අපේ ඇන්ඩ්‍රොයිඩ් සිස්ටම් එකට අලුත් වැඩ කිඩ ගොඩක් දාන්න පුලුවන්
Back to Top