ඇපල් සමාගමට සැම්සුන්ග්ගෙන් තවත් ප්‍රහාරයක්


සැම්සුන්ග් සමාගමේ නවතම ප්‍රචාරක වීඩියෝව මගින් ඇපල් සමාගමට පොඩි නෝන්ඩියක් කරලා.
ඇපල් ස්ටෝ එකක් ඉස්සරහා අලුත් ඇපල් අයි ෆෝන් එක ගන්න කට්ටිය පෝලිමේ ඉන්නවා එතකොට වෙන සිද්දියක් තමා මේකේ තියෙන්නේ පහලින් එම වීඩියෝව නරඹන්න


සැම්සුන්ග් ගැලැක්සි නෝට් 2 ලබන සතියේ යුරෝපයට



සැම්සුන්ග් දුරකථන සමාගමේ නවතම ජංගම දුරකථනය වන සැම්සුන්ග් ගැලැක්සි නෝට් 2 ජංගම දුරකථනය ලබන සතියේදී යුරෝපීය වෙළදපොළට හදුන්වාදීමට සැම්සුන්ග් සමාගම කටයුතු යොදා ඇත
මෙය ඇමරිකානු ඩොලර් 910 වනු ඇතැයි විදෙස් ආරංචි මාර්ග පවසයි

මෙය පළමුව සැත්තැම්බර් 27 දින ජමනියටද,ඊට පසු දින ඉතාලියටද හදුන්වාදෙනු ලබන අතර එක්සත් රාජධානිය,ප්‍රංශය හා නෙදර්ලන්තයට මීට පසුව එනම් ඔක්තෝබර් 1-2 දිනවලදී මෙය වෙළදපොලට හදුන්වාදෙන බව සැම්සුන්ග් සමාගම පවසයි

දුරකථන සේවා සපයන දැවැන්තයින් වන Verizon, AT&T, Sprint, T-Mobile සහ US Cellular සමග එක්ව නොවැම්බර් මාසයේදී ඇමරිකානු වෙළදපොලද ආක්‍රමණය කිරීමට සැම්සුන්ග් සමාගම කටයුතු යොදා ඇත


Back to Top