සෝනි ෆෝන්ස් වලට ජෙලි බීන්ස් ලැබෙන්නේ මෙහෙමයි

[Image: android-jelly-bean-for-xperia-handsets_1350645756.jpg]

සෝනි සමාගම විසින් සෝනි ජංගම දුරකථන සදහා අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් 4.1 එනම් ජෙලි බීන්ස් සංස්කරනය ලබා දෙන පිලිවෙල දැන් ඉදිරිපත් කරලා තියනවා

සෝනි සමාගමෙන් අලුතින්ම එළිදක්වපු Xperia T, TX, Vකියන ෆෝන් වලට ලබන අවුරුද්දේ පළමු කාර්තුවේ තමා ජෙලිබීන්ස් හම්බෙන්නේ

Xperia S, Xperia acro S, Xperia ion, Xperia P, Xperia go and Xperia J කියන ෆෝන්ස් වලට තාම අප්ඩේට් එක දෙන දවස කියලා නම් නෑ
පොඩි අප්සට් දේකටනම් තියෙන්නේ 2011 ආපු ෆෝන් එකකටවත් ජෙලිබීන්ස් දෙන්නේ නෑ කියලා තියන එකයි

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් රූට් කිරීමේ වාසි සහ අවාසි

මොකද්ද මේ රූට් කරනවා කියන්නේ ?

අලුතෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ගත්ත ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි "මම ෆෝන් එක රූට් කරන්නද එපාද" කියන එක. 

ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල මෙහෙයුම් පද්ධතියේ භාවිත කරන්නාට යම් කිසි සීමාවක් ඇතුව භාවිත කරන්න තමයි මූලික සැකසුම් තියෙන්නේ. ඒ කියන්නේ අපිට සිස්ටම් එක සම්බන්ධ ගොඩක් දේවල් කරන්න බෑ. රූට් කිරීමෙන් වෙන්නේ මේ තියන සීමා මායිම් ඔක්කොම නැති වෙන එකයි. ඒ කියන්නේ අපිට අපේ ඇන්ඩ්‍රොයිඩ් සිස්ටම් එකට අලුත් වැඩ කිඩ ගොඩක් දාන්න පුලුවන්

ඇපල් සමාගමට සැම්සුන්ග්ගෙන් තවත් ප්‍රහාරයක්


සැම්සුන්ග් සමාගමේ නවතම ප්‍රචාරක වීඩියෝව මගින් ඇපල් සමාගමට පොඩි නෝන්ඩියක් කරලා.
ඇපල් ස්ටෝ එකක් ඉස්සරහා අලුත් ඇපල් අයි ෆෝන් එක ගන්න කට්ටිය පෝලිමේ ඉන්නවා එතකොට වෙන සිද්දියක් තමා මේකේ තියෙන්නේ පහලින් එම වීඩියෝව නරඹන්න


සැම්සුන්ග් ගැලැක්සි නෝට් 2 ලබන සතියේ යුරෝපයට



සැම්සුන්ග් දුරකථන සමාගමේ නවතම ජංගම දුරකථනය වන සැම්සුන්ග් ගැලැක්සි නෝට් 2 ජංගම දුරකථනය ලබන සතියේදී යුරෝපීය වෙළදපොළට හදුන්වාදීමට සැම්සුන්ග් සමාගම කටයුතු යොදා ඇත
මෙය ඇමරිකානු ඩොලර් 910 වනු ඇතැයි විදෙස් ආරංචි මාර්ග පවසයි

මෙය පළමුව සැත්තැම්බර් 27 දින ජමනියටද,ඊට පසු දින ඉතාලියටද හදුන්වාදෙනු ලබන අතර එක්සත් රාජධානිය,ප්‍රංශය හා නෙදර්ලන්තයට මීට පසුව එනම් ඔක්තෝබර් 1-2 දිනවලදී මෙය වෙළදපොලට හදුන්වාදෙන බව සැම්සුන්ග් සමාගම පවසයි

දුරකථන සේවා සපයන දැවැන්තයින් වන Verizon, AT&T, Sprint, T-Mobile සහ US Cellular සමග එක්ව නොවැම්බර් මාසයේදී ඇමරිකානු වෙළදපොලද ආක්‍රමණය කිරීමට සැම්සුන්ග් සමාගම කටයුතු යොදා ඇත


Back to Top